වර්ධනය වන වෙළදපොල සහිත රටවල් හා සංවර්ධනය වෙමින් පවතින රටවල් අතර සහයෝගතාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණෙන් යුත් ජාත්‍යන්තර සාකච්ඡා සභාවක් බෙයිජිංහිදී පැවැත්වේ.එක්සත්භාවය හා සහයෝගතාව වර්ධනය කර වර්ධනීය වර්ධනයේ ගම්‍යතාව ගොඩනැංවීම තේමා කර ගනිමින් එය පැවැත්විණ.රජයේ ,කර්මාන්ත සංගම්, විද්වත් පර්ෂද , මාධ්‍ය සංවිධාන සහ ගෝලීය ව්‍යාපාර නියෝජනය කරමින් 300 කට අධික නියෝජිතයෝ පිරිසක් ඊට එක්වූහ.චීන නවීකරණ භාවිතය මගින් වර්ධනය වන වෙළඳපොල සහ සංවර්ධනය වෙමින් පවතින රටවලට තමන්ගේ ජාතික තත්ත්වයන්ට ගැලපෙන නවීකරණ මාවතක් සොයා ගත හැකි බවට සනාථ වී ඇතැයි ෂින්හුවා ප්රවෘත්ති ඒජන්සියේ සභාපති ෆූ හුවා මහතා සඳහන් කළේය.වර්ධනය වන වෙළඳපොල සහ සංවර්ධනය වෙමින් පවතින රටවල සංවර්ධනය ප්‍රවර්ධනය වෙනුවෙන් ෂිංහුවා පුවත් ඒජන්සිය ප්රවෘත්ති වාර්තාකරණය, විද්වත් පර්ෂද පර්යේෂණ හා තොරතුරු සේවා ශක්තිමත් කිරීමට ක්‍රියා කරනු ඇති බවද හෙතෙම කීය.එම සාකච්ඡා සභාව ඇමතූ බෙයිජිං නුවර නගරාධිපතිවරයා සඳහන් කළේ බෙයිජිං නගරය ජාත්‍යන්තර තාක්ෂණ හා නව නිපැයුම් මධ්‍යස්ථානයක් ලෙසට ගොඩ නැංවීම වේගවත් කරන බවයි.
වර්ධනය වන වෙළදපොල සහිත රටවල් හා සංවර්ධනය වෙමින් පවතින රටවල් අතර සහයෝගිතාවය වෙනුවෙන් ජාත්‍යන්තර සාකච්ඡා සභාවක්

More Stories
ගෙවුණු මාස දෙකෙහි චීන ආර්ථික වර්ධනය පිළිබඳව ජාත්‍යන්තරයෙන් ධනාත්මක ප්‍රතිචාර
චීනයේ වාර්ෂික සැසිවාර දෙකෙන් පිළිබිඹු වන ජනතා ප්රජාතන්ත්රවාදය
චීන මහජන දේශපාලන උපදේශක සභාවේ වාර්ෂික සැසියේ කාර්යභාරය