මෙම වසර අවසන් වීමට පෙර ශ්‍රී ලංකාවේ සේලයින් නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් ඉදිකිරීමට කටයුතු කරන බව ඖෂධ නිෂ්පාදනය සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා අනුරාධපුර නොච්චියාගම නගරයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසයි.
මේ වන විට ලංකාව තුළ භාවිතා කරන ඖෂධ වලින් සියයට අනූවක්ම විදේශ රට වලින් මෙරටට ගෙන එන ඒවා බවත්, ජනාධිපතිතුමා තමා හට මෙම අමාත්‍ය ධූරය භාරදුන් අවස්ථාවේ පස් වසරක සැලසුමකට ක්‍රියාකරමින් වසර පහකින් පසු ලංකාවට විදෙස් රටවලින් ගෙන එන ඇතැම් ඖෂධ නැවැත්වීමට කටයුතු කරන ලෙස පැවසූ බවත්, මේ වන විටත් ඒ සදහා සැලසුම් සකස් කර ඇති බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.
ඒ සම්බන්ධයෙන් මූලික සාකච්ඡාවක් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සමග 17 වනදා පැවැත්වූ බවත් ඔහු වැඩිදුරටත් පැවසුවේය.
රුපියල් කෝටි ගණනක් වියදම් කර සේලයින් නිෂ්පාදනාගාරයක් මෙරට ඉදිකිරීමට එකගතාවයකට පැමිණියේ එම අවස්ථාවේදී බවත් ඔහු සිහිපත් කළේය.
එසේම පසුගිය රජය සමයේ පැවති ඖෂධ මාෆියාව මෙරටින් තුරන් කර ජනතාවට ප්‍රමිතියෙන් යුතු ඖෂධ සාධාරණ මිලකට ලබාදීමට කටයුතු කරන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.
ඉදිරි සති කිහිපය තුළදී එහි ප්‍රතිඵල ජනතාවට භුක්ති විඳීමට හැකිවනු ඇති බවත් රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්