ඉන්දීය මත්ද්‍රව්‍යනාශක බුද්ධි නිලධාරීන් විසින් ගුජරාට් ප්‍රාන්ත වරායකින් හෙරොයින් ටොන් තුනක් සොයාගෙන තිබේ.
එහි දළ වටිනාකම අමෙරිකානු ඩොලර් බිලියන 2.7ක් බව විදෙස් මාධ්‍ය පැවසීය. නමුත් එම මත්ද්‍රව්‍ය තොගයේ නියම වටිනාකම සොයාගැනීම සඳහා පරීක්ෂණ පැවැත්වෙයි.
මේ වනවිට පුද්ගලයින් දෙදෙනෙක් ව අත්අඩංගුවට ගෙන ඇති අතර තවත් සැකකරුවන් ව සොයා පරීක්ෂණ සිදුකෙරේ.
එම මත්ද්‍රව්‍ය තොගය ඇෆ්ගනිස්තාන ජාවාරම්කරුවන් විසින් ඉරානයේ බන්දාර් අබ්බාස් වරායේ සිට එවා තිබූ බවට සඳහන් විය.
More Stories
යුරෝපා කවුන්සිලයේ සභාපතිවරයාට චීන ජනපතිගෙන් සුබ පැතුම්
ඇමරිකාවේ Los Angeles හි ලැව්ගිනි තත්ත්වයෙන් මිය ගිය අය වෙනුවෙන් චීනය සංවේගය පළ කරයි
චීන විදේශ ඇමතිවරයා ජපාන හා වියට්නාම නියෝජිතයන් පිරිසක් අතර හමුවෙයි