කොළඹ වරායේ සේවකයින් තිදෙනෙකු චීනයෙන් ගෙන් වූ දොඹකරයක් මත නැගී පැවැත්වූ උපවාසය අද පස්වරුවේ අවසන් විය.
වෘත්තීය සමිති පැවසුවේ, විසඳුමකින් තොරව උපවාසය අවසන් කළ බවයි.
කොළඹ වරායේ නැගෙහිර පර්යන්තය ඉන්දියාවට නොදී වරාය අධිකාරිය යටතේ සංවර්ධනය කළ යුතු බව වෘත්තීය සමිතිවල මූලික ඉල්ලීමවී තිබේ.
වරාය වෘත්තිය සමිති එකමුතුව නියෝජනය කරන සාමාජිකයින් තිදෙනෙකු ඊයේ පෙරවරු 9.00 ට පමණ මෙම දොඹකර මතට නැගීමට ආරම්භ කළහ.
ඔවුන් උපවාසයට තෝරාගෙන තිබුනේ පසුගිය දා චීනයෙන් කොළඹ වරායට රැගෙනවිත් තිබූ දොඹකර තුනෙන් එකකි.
” නැගෙනහිර පර්යන්තය බේරා ගැනීමේ සටන ශ්‍රී ලංකා වරාය අධිකාරියේ අවසන් සටන ජයග්‍රහණය ලැබෙනතුරු අපි සටනේ . අපිට ලිඛිතව ඕනේ. භාණ්ඩාගාරයේ අනාගය වෙනුවෙන් මේ කර්තව්‍යට පෙනී සිටින්නේ එක හිතින්. කොළඹ වරාය නැගෙනහිර පර්යනත්ය ඉතා ගැඹුරු විශාල නෞකා මෙහෙයවිය හැති වටිනා සම්පතක්. ” බව වරාය වෘත්තීය සමිති එකමුතුව සංජය කුමාර වැලිගම මහතා කියා සිටියා.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට