ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සියලු මෙහෙයුම් පර්යන්ත හා සහෝදර පර්යන්තයන්ගේ සියලු මෙහෙයුම් කටයුතු යථා තත්ත්වයට පත් කර ඇති බව වරාය අධිකාරිය නිවේදනය කරනවා.
කොවිඩ් -19 වසංගත තත්ත්වය හේතුවෙන් කොළඹ වරායේ පර්යන්ත වල ගෙවී ගිය සතියක දී යම් බලපෑමක් සිදු වී ඇති අතර කොළඹ වරායේ සියලු පර්යන්තයන්ගේ මෙහෙයුම් යථාවත් කිරීම හා වරාය භාවිතා කරන්නන්ගේ යහ පැවැත්ම සහතික කිරීමේ අරමුණෙන් ජය බහලු පර්යන්තය, නැගෙනහිර බහලු පර්යන්තය, සමගි බහලු පර්යන්තය, එස්.ඒ.ජී.ටී. පර්යන්තය, සී.අයි.සී.ටී. පර්යන්තය ඒකාබද්ධව කටයුතු කරමින් කොළඹ වරායේ මෙහෙයුම් පෙර පරිදි කාර්යක්‍ෂම ලෙසින් සිදු කිරීමට සියලු පියවර ගෙන ඇති බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.
සෞඛ්‍ය අමාත්‍යංශය විසින් කොවිඩ් -19 වසංගත තත්ත්වය මර්ධනයට පනවා ඇති සෞඛ්‍ය උපදේශන හා චක්‍ර ලේඛණ වලට අනුගතව එම සෞඛ්‍ය ක්‍රියාමාර්ග නිසි ලෙසින් පවත්වාගෙන යමින් මෙලෙස කොළඹ වරායේ බහලු මෙහෙයුම් නිසි පරිදි සිදු කරන බවයි එමනිවෙදනයේ සඳහන් වන්නේ.
ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් භාණ්ඩ නිශ්කාෂණය කරන්නන්ගේ සේවාවන් වඩා සඵලදායී ලෙස කඩිනමින් ඉටු කිරීමට අවශ්‍ය අන්තර්ජාල මාධ්‍ය පහසුකම් සලසා තිබෙනවා.
කෙසේ වෙතත් එම නිශ්කාෂණ කටයුතු වල දී කිසියම් අපහසුතාවයක් පවතී නම් ශ්‍රී ලංකා වරාය අධිකාරිය පෑලියගොඩ බහලු මෙහෙයුම් මධ්‍යස්ථානයේ කාර්යභාර නිළධාරියා දුරකතන අංක 0718531859 ද, කොළඹ වරායේ සේවා සැපැයුම් කොට්ඨාශයේ සේවා භාර නිළධාරියා දුරකතන අංක 0718688361 ඔස්සේ ඕනෑම වේලාවක සම්බන්ධ කර ගත හැකි බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.
එසේ ම ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් එස්.ඒ.ජී.ටී හා සී.අයි.සී.ටී. සහෝදර පර්යන්තයන්ගේ සහයෝගය ද ඇතිව වරාය මෙහෙයුම් වඩාත් කාර්යක්‍ෂමව හා ඵලදායී ලෙසින් සිදු කිරීමේ අරමුණෙන් මෙහෙයුම් කුටියක් ස්ථාපිත කර තිබෙනවා.
අපගේ ගනුදෙනුකරුවන් ට වරාය සේවා සහ පර්යන්ත මෙහෙයුම් පිළිබඳ කිසියම් විමසීමක් ඇත්නම් 0112320405 දුරකතන අංකයෙන් හෝ 0716889452 අංකයෙන් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ මෙහෙයුම් කුටියේ කාර්යභාර නිළධාරියා ඇමතිය හැකියි.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්