ශ්‍රී ලංකා වරාය අධිකාරිය – ආරක්ෂක කොට්ඨාශය විසින් වරාය භාවිත කරන්නන් සඳහා නිකුත් කරන තාවකාලික/වාර්ෂික බලපත්‍ර 2021 මැයි මස 01 වන දින සිට මාර්ග ගත ක්‍රමයට (online) නිකුත් කිරීමට අවශ්‍ය කටයුතු සළසා ඇත.
පවත්නා කොවිඩ් වසංගත තත්ත්වය සැලකිල්ලට ගනිමින් හා රජයේ සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට අනුගතව මෙම පහසුකම් සැළසීම කෙරෙහි ශ්‍රී ලංකා වරාය අධිකාරිය අවධානය යොමුව ඇත.
ඒ අනුව, සියලු වරාය භාවිත කරන්නන් සඳහා වඩාත් සෞඛ්යාරක්ෂිත ලෙස හා කාර්්යක්ෂම ලෙස තාවකාලික/වාර්ෂික බලපත්‍ර නිකුත් කිරීම සඳහා මෙම පරිගණක මාර්ග ගත ක්‍රමය(online System) උපකාරී වනු ඇත.
මේ සම්බන්ධයෙන් වන වැඩිදුර තොරතුරු තාවකාලික බලපත්‍ර කාර්යාලය දුරකථන අංකය – 0112482665 හා වාර්ෂික බලපත්‍ර කාර්යාලය දුරකථන අංකය – 0112483167 ඔස්සේ ලබා ගත හැකි බවද ආරක්ෂක කොට්ඨාශය දන්වා සිටී.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්