කොළඹ වරාය නගරයේ පාලන කටයුතු සඳහා පිහිටුවීමට නියමිත විශේෂ ආර්ථික කොමිසමේ සභාපති තනතුර සඳහා සාරිපුත්ත හංස විජේසූරිය මහතාගේ නම යෝජනා වී තිබෙනවා. බොහෝදෙනා ඔහු හඳුනන්නේ හාන්ස් විජේසූරිය නමිනි.
හාන්ස් විජේසූරිය මහතා 1994 වසරේදී ඩයලොග් ආයතනය හා සම්බන්ධ වූ අතර 2007 වසරේදී ඔහු ඩයලොග් සමාගමේ ප්‍රධාන විධායක නිළධාරියා ලෙස පත් කෙරිණි.
2016 වසරේදී හාන්ස් විජේසූරිය මහතා ඩයලොග් සමාගමේ මව් සමාගම වන ආසියාටා සමූහය වෙත කැඳවූ අතර දකුණු ආසියානු කලාපය භාර ප්‍රධාන විධායක නිළධාරියා ලෙස ඔහු පත් කෙරිණි. ඉන් අනතුරුව 2020 වසරේ සිට දකුණු ආසියානු හා අග්නිදිග ආසියානු රටවල් කිහිපයක් භාර නියෝජ්‍ය සභාපතිවරයා ලෙසද පත් කෙරිණි.
ආසියාටා සමාගම යනු ආසියානු කලාපයේ ඉදිරියෙන්ම පසුව විදුලි සන්දේශ සමාගම් කිහිපයෙන් එකකි.
හාන්ස් විජේසූරිය මහතා ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හැදෑරූ අතර ඉන්පසුව කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙන් ඉලෙක්ට්‍රොනික් ඉංජිනේරු විද්‍යාව පිළිබඳ උපාධිය ලබා ගත්තේය. බ්‍රිස්ටල් විශ්වවිද්‍යාලය ඇතුලු විදෙස් විශ්වවිද්‍යාල කිහිපයකින්ම ඔහු උපාධි හදාරා තිබේ.
කොළඹ වරාය නගරය පාලනය කරන ආර්ථික කොමිසම ජනාධිපතිවරයා විසින් පත් කිරීමට නියමිත අතර එය සෘජුවම ජනාධිපතිවරයාට වගකියන විශේෂිත ආර්ථික කොමිසමකි. වරාය නගරය සම්බන්ධයෙන් පරිපාලන, මුල්‍ය ඇතුළු සියලු තීන්දු තීරණය ගැනීමේ බලය මෙම කොමිසමට හිමිවන අතර ඒ නිසා මෙම කොමිසමේ සභාපතිවරයා යනු, අතිශය බලසම්පන්න තනතුරක් වනු ඇත.
ව්‍යාපාරික ක්ෂේත්රයේ මෙන්ම පරිපාලන ක්ෂේත්රයේද හසල අත්දැකීම් සහිත හාන්ස් විජේසූරිය මහතා තෝරා ගැනීම ජනාධිපතිවරයා විසින් සිදු කරන අතිශය පූර්ණ තෝරා ගැනීමක් වනු ඇත.
- Sourse lankanewsweb
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්