අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමග පැවති සාකච්ඡාව සාර්ථක බවත්, අවසන් තීරණය තම සංගම් අතර සාකච්ඡාවකින් පසු දැනුම්දෙන බවත් වරාය වෘත්තිය සමිති පවසයි.
අගමැතිවරයා සමග සාකච්ඡාවට යාමට පෙර වරාය වෘත්තීය සමිති කියා සිටියේ තම ඉල්ලීම් සඳහා අගමැතිවරයා විසඳුම් ලබාදුන්හොත් දැනට ක්‍රියාත්මක වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය අවසන් කරන බවයි.
කොළඹ වරාය සේවයකින් මෙම වැඩවර්ජනය හා සත්‍යග්‍රහය ආරම්භ කිරීමට පාදක වූයේ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට විකිණීම සඳහා යහපාලන රජය සමයේ ඇතිකරගෙන ඇති ගිවිසුම නතර කර එහි මෙහෙයුම් කටයුතු වරාය අධිකාරය යටතට පවරා ගන්නා ලෙස ඉල්ලමිනි.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්රී ලංකා ජනපති අතර හමුවක්