බදුල්ල, වලපනේ ප්‍රදේශය ආශ්‍රිතව අද (22) අලුයම 3.30ට පමණ සුළු භූකම්පන තත්ත්වයක් හටගෙන තිබේ.
අදාළ භූ කම්පනය රිච්ටර් මාපකයේ ඒකකය 1.8ක ප්‍රබලත්වයකින් යුක්ත බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශයේ සභාපති අනුර වල්පොල මහතා සඳහන් කළේය.
ඒ පිළිබඳව සොයා බැලීම සඳහා පරීක්ෂණ කණ්ඩායමක් පිටත් කර ඇති බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශය සඳහන් කළා.
භූකම්පනය මහකනදරාව, පල්ලේකැලේ සහ හක්මන භූ කම්පන මානවල සටහන්ව ඇති බව අනුර වල්පොල මහතා සඳහන් කළේය.
මේ අතර වියලුව ඇකිරිය ගම්මානයට ද මෙම භූ කම්පනය දැනී ඇති බව ප්‍රදේශවාසීන් පවසයි.
More Stories
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි