වව්නතිව් පොලිස් මුරපොළේදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඝාතනය කර පැහැර ගත් ගිනි අවි දෙක පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී නින්දවූර් හා වනාතවිල්ලුවෙන් සොයා ගත් බව පාස්කු ප්‍රහාරය පිළිබද විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසමේදී අද හෙළි වුණා.
2018 වසරේ නොවැම්බර් 29 වන දින වව්නතිව් පොලිස් මුරපොළේ නිලධාරීන් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සාක්ෂි විමසීම සඳහා එවකට වව්නතිව් වැඩ බලන පොලිස් ස්ථානාධිපතිව සිටි පොලිස් පරීක්ෂක කේ. එම් අමරසේන මහතා කොමිසම හමුවට කැඳවා තිබුණා. පොලිස් මුරපොළේ සේවය කළ නිලධාරීන් දෙදෙනෙකු ඝාතනය කර ඇති බවට නොවැම්බර් 30 වනදා තමන්ට තොරතුරු ලැබුණු බවයි සාක්ෂිකරු කොමිසම හමුවේ සඳහන් කළේ.
එම ස්ථානයට පැමිණි තමන්ට එක් නිලධාරියෙකුගේ හිසට වෙඩි තබා දෙඅත් ලණුවකින් බැඳ තිබූ අයුරුත් අනෙක් නිලධාරියා පිහියකින් කළ ඇණුම් තුවාල සහිතව වැටී සිටි අයුරුත් දක්නට ලැබුණ බව ඉතා සංවේදීව කොමිසම හමුවේ කියා සිටියා. මියගිය නිලධාරීන් දෙදෙනාගේ රාජකාරි ගිනි අවි අතුරුදන්ව තිබූ බවද පොලිස් පරීක්ෂක කේ.එම්. ආරියසේන මහතා කොමිසම හමුවේ සාක්ෂි දෙමින් තවදුරටත් සඳහන් කළා.
ඉන් අනතුරුව කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන් වීරසිංහ මහතායි. පසුගිය වසරේ අප්‍රේල් 26 වන දින මඩකලපුව සියෝන් දේවස්ථානයේ බෝම්බ පිපිරීම සම්බන්ධයෙන් විමර්ශනය කරමින් සිටි අවස්ථාවේ එවකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර හා නියෝජ්‍ය පොලිස්පති සුදත් නාගහමුල්ල යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි කාත්තන්කුඩි පොලිස් ස්ථානයට ගමන් කළ බවයි. එහිදී පොලිස් අත්අඩංගුවේ සිටි මොහොමඞ් ෂරීෆ් ආදම් ලෙබ්බේ තම භාරයට ගත් බවත් සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මඩකලපුව ඒකකයට රැගෙන විත් ප්‍රකාශ සටහන් කර ගත් බවත් සාක්ෂිකරු කොමිසම හමුවේ කියා සිටියා.
කොමිසම එහිදී විමසා සිටියේ සැකකරු එහිදී අනාවරණය කළේ කුමක්ද යන්නයි. සැකකරු ලබා දුන් තොරතුරු මත නින්දවූර් ප්‍රදේශයට යාමට සිදු වූ බවත් එහිදී අනපේක්ෂිත සිදුවීමකට මුහුණ දුන් බවත් ඔහු සඳහන් කළා. එහිදී කොමිසම විමසා සිටියේ එම අනපේක්ෂිත සිදුවීම කුමක්ද යන්නයි. අපට යාමට හැකි වුණේ සයින්දමරුදු අල් හිලාල් මුස්ලිම් විද්‍යාලය අසලට පමණයි. හමුදා ට්‍රක් රථයක් යොදා මාර්ගය අවහිර කර තිබුණා. එම ස්ථානය යුද පිටියක ස්වරූපයක් ගෙන තිබූ අතර වෙඩි හඬ කිහිපයක්ද විටින් විට ඇසුණා. එතනින් ඉදිරියට යන්න බෑ කියලා එතන හිටපු එස් ටී එෆ් නිලධාරියෙකු කිව්වා යැයි සාක්ෂිකරු තවදුරටත් කියා සිටියා. තමා විශේෂ කාර්ය බළකා නිලධාරීන් සමඟ ගොස් මාර්ග බාධකය භාර ප්‍රධානීන් හමු වී තම කාරණාව පවසා විශේෂ කාර්ය බළකා ආරක්ෂාව සහිතව නින්දවූර් බලා ගමන් කිරීමට අවසර හිමි වූ බවයි ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන් වීරසිංහ මහතා තවදුරටත් කියා සිටියේ.
නින්දවූර් මුස්තකින් වීථියේ අංක 214 දරණ නිවසට පැමිණි බවයි. එහිදී කොමිසම සාක්ෂිකරුගෙන් විමසා සිටියේ නිවස තුළින් සොයාගත හැකිවූයේ මොනවාද යන්නයි. නිවසේ කුස්සියෙහි දුම් කවු`ඵවෙහි සඟවා තිබූ රිවෝල්වරයක් සොයා ගත් බව සඳහන් කළ සාක්ෂිකරු ඊට උණ්ඩ 6 ක් දැමිය හැකි වුවද එහි තිබී හමු වූයේ උණ්ඩ 4 ක් බවද සඳහන් කළා. එහි අංකය ඒ එස් 3887 ලෙස දැකගත හැකි වුවත් අනෙක් අංකය හඳුනාගත නොහැකි ලෙස සූරා තිබූ බවද ඔහු කොමිසම හමුවේ කියා සිටියා.
අනතුරුව සැකකරුගෙන් ලැබුණු තොරතුරු මත කාත්තන්කුඩි ප්‍රදේශයේ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීම සදහා පිටව ගිය බව සඳහන් කළ සාක්ෂිකරු එහිදී අබ්දුල් මනාල් මොහොමදු හා හම්සා මොහිදීන් මොහොමඞ් ඉම්රාන් යන දෙදෙනා අත්අඩංගුවට ගත් බවද සඳහන් කළා. ඔවුන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී පපුරණ ද්‍රව්‍ය සොයා ගැනුණු පුත්තලම, වනාතවිල්ලුව ලැට්ටෝවත්ත ඉඩමේ තවත් ගිනි අවි තොගයක් වළ දමා ඇති බව අනාවරණය කර ගත් බවද ඔහු තවදුරටත් කියා සිටියා.
අනතුරුව 2019 අප්‍රේල් 27 වන දින විශේෂ කාර්ය බළකා හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් එම ඉඩමේ කළ කැණීම්වලදී නිල් පැහැති බැරලයක් ගොඩගත් බවද කොමිසම හමුවේ සඳහන් කළා. එහි තිබී හමුවූයේ මොනවාදැයි කොමිසම සාක්ෂිකරුගෙන් විමසා සිටියා. සොයා ගත් ගිනි අවි හා සෙසු උපකරණ පිළිබඳ විස්තර ඉදිරිපත් කළ සාක්ෂිකරු මෙම උපකරණ මඩකලපුව මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කළ බවත් එහි වාර්තාව මෙතෙක් නොලැබුණු බව කොමිසමට දැනුම් දුන්නා.
එහිදී කොමිසම විමසා සිටියේ නින්දවූර් හා ලැට්ටෝස් වත්තෙන් සොයා ගත් ගිනි අවි අතර ඒ වන විටත් රහස් පොලිසිය සොයා ගත් විමර්ශනයට අදාළ ගිනි අව වව්නතිව් පොලිස් ස්ථානය වෙත නිකුත් කර තිබුණේද යන්නයි. වව්නතිව් පොලිස් ස්ථානයේදී ඝාතනය වූ නිලධාරීන් දෛදෙනාට අයත් ඒ එස් 3887 හා 3826 යන ගිවි අවි දෙක එලෙස සොයා ගත් බවයි.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්