කොවිඩ් 19 ගෝලීය වසංගතයේ බලපෑමෙන් ලොව ගුවන් සේවා සපයන සමාගම් සදහා මේ වසර යහපත් වසරක් නොවීය.නමුත් මැදපෙරදිග ගුවන් සේවාවන්හි යහපත් ප්‍රවණතාවයක් පෙන්නුම් කර ඇත.
Skytrax සමාගම විසින් සිදු කළ නවතම ශ්‍රේණිගත කිරිම් වලට අනුව ලොව හොදම ගුවන් සේවා සමාගම ලෙස පළමුවැනි ස්ථානය ලබා ගෙන ඇත්තේ කටාර් ගුවන් සේවා සමාගමයි. කටාර් ගුවන් සේවා සමාගම මෙම සම්මානය දිනා ගත් හයවන අවස්ථාව මෙයයි.පාරිභෝගිකයින් සමග සිදු කරන ලද සමීක්ෂණයකින් අනතුරුව මෙය ප්‍රකාශ කෙරේ.ගුවන් සේවාවන්හි ගුණාත්මකභාවය හා එහි කාර්‍ය සාධනය පිළිබද මෙහි දී සලකා බැලේ.
කටාර් ගුවන් සේවා සමාගම ගෝලීය වසංගතය හමුවේ සිය සේවාවන්හි නව්‍යකරණය හා උසස් ප්‍රමිතිය ඒ අයුරින්ම අඛණ්ඩව පවත්වා ගෙන ගොස් ඇති බව ද Skytrax හි ප්‍රධාන විධායක නිළධාරිවරයා ප්‍රකාශ කළේය. උසස් තත්ත්වයේ ව්‍යාපාරික පන්තියේ ආසන ,හොදම ගුවන් සේවා විවේකාගාරය හා උසස් ප්‍රමිතියේ ආහාරපාන සහිත ගුණාත්මක සේවය කටාර් ගුවන් සේවය සතු වීම මෙම ජයග්‍රහණයට හේතුවක් බව ද Skytrax සමාගම නිවේදනය කර ඇත.
පැවති අර්බුදයන් හමුවේ අපගේ පාරිභෝගිකයින් අත්නොහැර සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේද අනුව කටයුතු කළ බවත් ඉදිරියේ දී ද මිලියන ගණනක් වූ අපගේ පාරිභෝගිකයින් වෙනුවෙන් උසස් සේවයක් ලබා දීමට සහතික වන බව කටාර් ගුවන් සේවා ප්‍රධාන විධායක නිළධාරී අක්බර් අල් බකර් ජයහ්‍රහණය පිලිබද අදහස් පළ කරමින් පැවසුවේය.
ලොව හොදම ගුවන් සේවා සමාගම් ලැයිස්තුවේ මෙවර දෙවන ස්ථානය සිංගප්පුර් ගුවන් සේවයට ද ,ANA All Nippon ගුවන් සමාගම තුන්වන ස්ථානය ද ලබා ගෙන ඇත මෙම ලැයිස්තුවේ මුල් ස්ථාන පහ අතරට එමිරේට්ස් හා ජපන් ගුවන් සේවා ද ඇතුළත් වේ.
Skytrax Top Airlines 2021
1. Qatar Airways
2. Singapore Airlines
3. ANA All Nippon Airways
4. Emirates
5. Japan Airlines
6. Cathay Pacific
7. EVA Air
8. Qantas Airways
9. Hainan Airlines
10. Air France
- දිනුෂි ධීරසිංහ
More Stories
යුරෝපා කවුන්සිලයේ සභාපතිවරයාට චීන ජනපතිගෙන් සුබ පැතුම්
ඇමරිකාවේ Los Angeles හි ලැව්ගිනි තත්ත්වයෙන් මිය ගිය අය වෙනුවෙන් චීනය සංවේගය පළ කරයි
චීන විදේශ ඇමතිවරයා ජපාන හා වියට්නාම නියෝජිතයන් පිරිසක් අතර හමුවෙයි