චීන කොමියුනිස්ට් පක්ෂයේ 18 වැනි ජාතික කොංග්‍රසයෙන් පසු සෑම වසරකම වසන්ත උත්සවය උදාවීමට පෙර චීන ජනාධිපති ෂී ජින්පිං මහතා විවිධ ප්‍රදේශවල වැසියන්ගේ සුවදුක් විමසමින් වසන්ත උත්සවය වෙනුවෙන් සුභ පැතීම සිරිතකි.
චීන ජනාධිපති ෂී ජින්පිං මහතා 22වනදා පස්වරුවේ දැඩි සීතල මධ්‍යයේ ලියාඕනිං පළාතේ හූලූදාඕ නගරයේ ජූජ්‍යාගෝ ගම්මානයට පැමිණ සිටියේය. පසුගිය වසරේ සිදුවූ ගංවතුර විපතෙන් අනතුරුව එහි සංවර්ධන කටයුතු නිරීක්ෂණයට ඔහු එක් විය. සීතල කාලය උදාවීමට පෙර තම නව නිවෙස් වෙත පැමිණ එහි පදිංචිව සිටින ගම්වැසියන්ගේ සුවදුක් විමසා බැලීමට එක් වූ ජනාධිපතිවරයා එම නිවෙස්වල ගුණාත්මක බව මෙන්ම ජනතාවගේ ජීවන තත්ත්වය පිළිබඳව ද විමසා සිටියේය.
පසුගිය වසරේ බරපතල ගංවතුරකට මුහුණදුන් හූලූදාඕ නගරයේ තත්ත්වය අඛණ්ඩව සැලකිල්ලට ලක් කිරීම, ෂී ජින්පිං මහතා චීන වසන්ත උත්සවයට පෙර හූලූදාඕ නගරයට පැමිණීමට හේතුවයි. එහි තත්ත්වය විමසා ෂී ජින්පිං මහතා පැවසුවේ චීන කොමියුනිස්ට් පක්ෂය හා චීන රජය මුල සිට ම ජනතාව ප්‍රමුඛ ස්ථානයේ තබන බවයි. ජනතාව තම හදවතේ තබාගන්නා චීන කොමියුනිස්ට් පක්ෂය හා චීන රජය, අසීරුතාවන්හී සිටින ජනතාවගේ ප්‍රබලම සහතිකයකි. අසීරුතා අභිබවා නිවාස හා ජන ජීවිතය යළි ගොඩනැගීම වෙනුවෙන් ජනතාවට සහය ලබා දීම අනිවාර්ය යැයි චීන ජනාධිපති ෂී ජින්පිං මහතා එහිදී අවධාරණය කළේය.
More Stories
නව යුගයේ පොදු ඉරණමක් සහිත සර්වකාලීන චීන-කාම්බෝජ ප්‍රජාවක් බිහිකිරීමට චීන ජනපති සහ කාම්බෝජ අගමැති අතර එකඟතාවක්
චීන – මැලේසියා සම්බන්ධතා තවදුරටත් තහවුරු කෙරේ
චීන ජනපති හා කාම්බෝජ මහජන පක්ෂයේ සභාපති අතර හමුවක්