චීනයත් නැමීබියාවත් අතර 35 වසරක සබඳතා වඩාත් ශක්තිමත් කරමින් චීන විදේශ අමාත්‍ය Wang Yi මහතා වසරේ පළමු විදෙස් සංවාරය අරඹයි.
අප්‍රිකානු සංචාරයකින් වසර ආරම්භ කිරීම චීනයේ දිගු කාලීන සම්ප්‍රදායක් මෙන්ම චීන රාජ්‍ය තාන්ත්‍රිකත්වයේ සුවිශේෂී ලක්ෂණයක් වේ.
ඒ අනුව නැමීබියාවේ අගනුවර වන Windhoek වෙත පැමිණි චීන විදේශ අමාත්‍යවරයා එරට ජනාධිපති ලෙස තේරී පත් වූ Netumbo Nandi-Ndaitwah මහත්මිය හමුව ඇත.
චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ සාමාජිකයෙකු ද වන Wang Yi මහතා එහිදී සඳහන් කර ඇත්තේ, පොදු සංවර්ධනයක් කරා ගමන් කිරීමේ දී චීනය මෙන්ම අප්‍රිකාව ද අන්‍යෝන්‍ය සහයෝගීතාව මූලික කරගනිමින්, අවබෝධයෙන් සහ විශ්වාසයෙන් යුතුව සැමවිටම එකිනෙකා වෙත සහය වූ බවයි.
එමෙන්ම ගෝලීය වෙනස්වීම් කවර ආකාරයක් ගත්තද චීනය, අප්‍රිකාවේ වඩාත්ම විශ්වාසදායක මිතුරා මෙන්ම සංවර්ධනය කරා යන ගමනේ ස්ථිර හවුල්කරුවා ද වන බවට ලෝකය වෙත පණිවුඩයක් යැවීම මෙම සංචාරයේ අරමුණ බව චීන විදේශ අමාත්‍ය Wang Yi මහතා මෙහිදී පැවසීය.
More Stories
චීන-රුසියා විදේශ අමාත්‍යවරුන් අතර හමුවක්
ඇමරිකාව චීනයට අපහාස කිරීම හා පීඩන එල්ල කිරීම නවතා දැමිය යුතු බව චීන විදේශ අමාත්‍යංශය පවසයි
චීනය පැනමා ඇළ පාලනය කිරීම පිළිබඳ ඇමරිකාවේ ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් – චීනය කියයි