නාරාහේන්පිට, කිරිමණ්ඩල මාවතේ තිබූ අවුරුදු 100 කට වඩා පැරණි නුග ගසක් කපා ඉවත් කර තිබේ.
මෙම නුග ගස තිබෙන්නේ, නාරාහේන්පිට, කිරිමණ්ඩල මාවතේ සුජාතා බාලිකා විදුහල ඉදිරිපිට ය.
මාසයකට පමණ පෙර ගස මැදිවන අයුරින් මාර්ගය ඉදිකර මින් තිබුණි.
වර්ග මීටර 112 ක පමණ ප්රදේශයකට මෙම ගස සෙවන දී තිබේ.
කෙසේවෙතත් පසුගිය 09 වැනි දා මෙම ගස කපා දමා ඇත.
එදා ගස කපා දමද්දීත් ප්රදේශවාසීන් ඊට සිය අප්රසාදය පළ කළේ ය.
වසර 100 කට අධික ඉතිහාසයක් තියෙන මෙම නුග ගස අද වනවිට කපා එම ස්ථානයෙන් ඉවත් කර අවසන් ය.
කොළඹ මහ නගර සභාව පවසන්නේ, මාර්ගයේ ඉදිකිරීම හේතුවෙන් මෙම ගස කපා දැමීමට සිදු වූ බවයි.
More Stories
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්ය සේවක වැටුප් වැඩිවෙන හැටි