වසර 2023 මුල් මාස 11 තුළ චීනය ආකර්ෂණය කළ විදේශ ආයෝජන වටිනාකම යුවාන් ට්‍රිලියන 1.04ක් බව චීන වාණිජ අමාත්‍යංශයේ දත්තවල දැක්වේ.
එම කාලය තුළ චීනයේ අලුතෙන් ස්ථාපිත විදේශ ආයෝජන සහිත ව්‍යාපාර සංඛ්‍යාව 48078ක් වන අතර එය පසුගිය වසරේ එම කාලයට වඩා සියයට 36.2ක වැඩිවීමක් බව චීන වාණිජ අමාත්‍යංශය ඊයේ(21) නිකුත් කළ දත්තවල සඳහන් වේ.
නිෂ්පාදන කර්මාන්තය ප්‍රායෝගිකව යොදා ගත් විදේශ ආයෝජනය යුවාන් බිලියන 294ක් වන අතර එය වසරින් වසර සියයට 2.1ක අඩුවීමක් පෙන්නුම් කරයි. අධිනව තාක්ෂණික නිෂ්පාදන කර්මාන්තය යොදා ගත් විදේශ ආයෝජනය සියයට 1.8කින් වැඩි විය. සේවා කර්මාන්තය යොදා ගත් විදේශ ආයෝජනය යුවාන් බිලියන 708.7ක් වන අතර එය පසුගිය වසරේ එම කාලයට වඩා සියයට 15.9ක පහල යාමකි. මේ අතර ගෘහ නිර්මාණ, ‘පර්යේෂණ සංවර්ධන හා නිර්මාණ සේවා’ කර්මාන්තය භාවිත කළ විදේශ ආයෝජනය වෙන්වෙන්ව සියයට 32.8කින් හා සියයට 9.1කින් වර්ධනය වී තිබේ.
බ්‍රිතාන්‍යය, ප්‍රංශය, නෙදර්ලන්තය, ස්විට්සර්ලන්තය, ඔස්ට්‍රේලියාව යන රටවල ව්‍යවසායන් චීනයේ සිදු කළ ආයෝජනය වසරින් වසර 93.9%、93.2%、34.1%、23.3%、14.3%කින් වැඩි වී තිබේ.
More Stories
චීන-රුසියා විදේශ අමාත්‍යවරුන් අතර හමුවක්
ඇමරිකාව චීනයට අපහාස කිරීම හා පීඩන එල්ල කිරීම නවතා දැමිය යුතු බව චීන විදේශ අමාත්‍යංශය පවසයි
චීනය පැනමා ඇළ පාලනය කිරීම පිළිබඳ ඇමරිකාවේ ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් – චීනය කියයි