වසර 24 කට පසු පකිස්ථාන තරග සංචාරයක් සඳහා පිටත්ව යාමට ඕස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය එකගතාවය පළ කර තිබෙනවා.
ටෙස්ට්, එක්දින සහ පන්දුවාර 20 තරගවලින් සැදුම්ලත් පූර්ණ තරගාවලියක් ලබන මාර්තු මාසයේදී මෙලෙස පැවැත්වෙනු ඇති.
කරච්චි – රාවල්පිණ්ඩි සහ ලාහෝර් යන නගරවලදීයි තරග පැවැත්වීමට නියමිතව ඇත්තේ.
මාර්ක් ටේලර් ගේ නායකත්වයෙන් යුත් ඕස්ට්‍රේලියානු කණ්ඩායමක් 1998 වසරේදී පකිස්ථානයේ සංචාරය කිරීමෙන් පසු මේ දක්වා ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමක් පකිස්ථානයේ තරග සංචාරයකට පිටත්ව ගොස් නැහැ.
පකිස්ථාන කණ්ඩායම ඕස්ට්‍රේලියාවේ තරග සංචාර සඳහා පැමිණ ඇතත් පකිස්ථානය සත්කාරකත්වය දැරූ සෑම තරගාවලියක්ම පවත්වා ඇත්තේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේයි.
2009 වසරේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු දීර්ඝ කාලයක් එරටදී කිසිදු ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියක් පැවැත්වූයේ නැහැ.
More Stories
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ඒ කණ්ඩායමට තීරණාත්මක දවස
පැරිස් පැරාලිම්පික් ක්‍රීඩා උළෙල ඇරඹීමට සූදානම්