වසර 26කට පසුව ටෙස්ට් කඩුලූ 200 සීමාව පසුකරයාමට බටහිර ඉන්දීය කොදෙව් ක‍්‍රීඩකයෙකු ඊයේ (25) සමත් වුණා.
කොදෙව් කණ්ඩායම වෙනුවෙන් මෙම දස්කම දැක්වුයේ වේග පන්දු යවන ක‍්‍රීඩක කෙමර් රෝච්.
එංගලන්තය හා බටහිර ඉන්දීය කොදෙව් තෙවැනි ටෙස්ට් තරගය මැන්චෙස්ටර් හි ඕල්ඩ් ට්‍රැෆර්ඩ් හිදී පැවති දෙවන දිනයේදී (ජූලි 25) සිය 200 වැනි ටෙස්ට් කඩුල්ල ලබා ගැනීමට
සමත් වුණා.
ඔහු මෙම ජයග්‍රහණය අත්කර ගත්තේ ඔහුගේ වෘත්තීය දිවියේ 59 වැනි ටෙස්ට් තරගයෙනි.රෝච් 2009 දී බංග්ලාදේශයට එරෙහිව ටෙස්ට් තරගයට පිවිසියේය. ඔහු ටෙස්ට් තරග 26 කදී කඩුලු 100 ක් සම්පූර්ණ කර තිබුණි.
කොදෙව් ක‍්‍රීඩකයෙකු අවසන් වරට ටෙස්ට් කඩුලූ 200 සීමාව පසුකර තිබුනේ 1994 වසරේදියි.
ඒ් කර්ට්ලි ඇම්බ්‍රොස් මෙම දස්කම දක්වා තිබුණා.

More Stories
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ධුරය යළි ෂම්මි සිල්වාට
ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සභාපති ධුරය පළමුවරට කාන්තාවකට
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි