වසර 28කට පසු කෝපා අමෙරිකා පාපන්දු තරඟාවලියේ ශූරතාවය දිනා ගැනීමට ලියොනල් මෙසී ප්රමුඛ ආර්ජන්ටිනා කණ්ඩායම අද උදෑසන සමත්විය.
ඒ ගියවර ශූරයින් වු බ්‍රසීලය අවසන් මහා තරගයේදී පරාජයට පත් කරමිනි.
47 වන කෝපා අමෙරිකා පාපන්දු තරඟාවලියේ අවසන් තරගය පැවැත්වුණේ ලියොනල් මෙසී ප්රමුඛ ආර්ජන්ටිනා කණ්ඩායම සහ බ්‍රසීල කණ්ඩායම අතරය.
තරඟයේ 22 වන මිනිත්තුවේදී පළමු ගෝලය වාර්තා කිරීමට ආර්ජන්ටිනාවේ ඒන්ජල් ඩී මරියා සමත් වුණේ තරගයේ වැඩි වාසි ආර්ජටිනාව දෙසට හරවා ගනිමිනි.
ඒ අනුව තරගයේ නියමිත කාලය අවසන් වන විට ගෝල 1ට 0ක් ලෙස තරඟය ජයගනිමින් මෙවර ශූරතාවය දිනා ගැනීමට ආර්ජන්ටිනාව සමත්විය.
කෝපා අමෙරිකා පාපන්දු තරගාවලි ඉතිහාසයේ ආර්ජන්ටිනාව දිනා ගත් 15 වන ශූරතාවය මෙය වන අතර 1993 වසරින් පසු ආර්ජන්ටිනාව එම තරඟාවලියේ ශූරතාවය දිනා ගත් පළමු අවස්ථාවද මෙය වේ.
මේ අතර විම්බල්ඩන් ටෙනිස් තරඟාවලියේ කාන්තා කේවල අංශයේ ශූරතාවය දිනා ගැනීමට ඔස්ට්‍රේලියාවේ ඈෂ්ලි බාර්ටි සමත් වු අතර ඇය විම්බල්ඩන් ටෙනිස් තරඟාවලියක ශූරතාවය දිනා ගත් පළමු අවස්ථාව මෙයයි.
චෙක් ජනරජයේ කැරොලීනා ප්ලිස්කෝවා සමඟ පැවැති අවසන් තරඟයේ පළමු වටය ලකුණු 6ට 3ක් ලෙස ඈෂ්ලි බාර්ටි ජය ගැනීමට සමත් වු අතර දෙවන වටය ලකුණු 7ට 6ක් ලෙස ජය ගත්තේ කැරොලීනා ප්ලිස්කෝවා විසිනි.
More Stories
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ඒ කණ්ඩායමට තීරණාත්මක දවස
පැරිස් පැරාලිම්පික් ක්‍රීඩා උළෙල ඇරඹීමට සූදානම්