ක්‍රීඩා අමාත්‍යවරයාට අල්ලස් දීමට තැත්කිරීමේ චෝදනාවට වරදකරු කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කාර්ය සාධන විශ්ලේෂකයෙකු වන සනත් ජයසුන්දර හට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් වසර 7 කට ක්‍රිකට් තහනමක් පනවා තිබේ.
ඒ අල්ලස් ලබාදීමට උත්සාහ කිරීම සහ එම පරීක්ෂණවලට සහයෝගය නොදැක්වීම යන කරුණු මුල් කර ගැනීම හේතුවෙනි.
2018 වසරේදී එවකට ක්‍රීඩා ඇමැතිවරයා වූ හරීන් ප්‍රනාන්දුට අල්ලස් ලබාදී ක්‍රීඩක තේරීමක් සම්බන්ධයෙන් බලපෑම් කළේ යැයි සනත් ජයසුන්දරට චෝදනා එල්ල වූ අතර අදාළ සිදුවීම සම්බන්ධයෙන් හරීන් ප්‍රනාන්දු විසින් එයට ආසන්න කාලයකදී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල දූෂණ මර්දන ඒකකයට පැමිණිලි කර තිබුණි.
එම පැමිණිල්ල මත පදනම්ව ගනු ලැබූ මෙම තීන්දුව අනුව අදාළ තහනම් කාලය, ජයසුන්දරට මූලික වශයෙන් තාවකාලික තහනමක් පැනවූ 2019 මැයි මස 11 වැනිදා සිට ක්‍රියාත්මක වන ලෙසින් සලකනු ලබයි.
අපගේ ක්‍රීඩාවේ මෙවැනි දූෂිත ක්‍රියාවන් මාගෙ කණ්ඩායම විසින් කිසිසේත් නොයිවසන්නේ යැයි අදාළ තීන්දුව ප්‍රකාශයකට පත්කරමින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල අවංකභාවය සම්බන්ධ ඒකකයේ සාමාන්‍යාධිකාරී ඇලෙක්ස් මාර්ෂල් පවසා තිබුණි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ දීර්ඝ කාලීන සේවකයෙකු වන ජයසුන්දර, කාර්ය සාධන රාජකාරිවලට අමතරව ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම සමඟ කටයුතු කර ඇති අතර මීට ඉහත දී ජාතික කණ්ඩායම සමගින්ද කටයුතු කර තිබේ.
More Stories
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ඒ කණ්ඩායමට තීරණාත්මක දවස
පැරිස් පැරාලිම්පික් ක්‍රීඩා උළෙල ඇරඹීමට සූදානම්