රුපියල් පන්සියයේ ව්‍යාජ මුදල් නෝට්ටු 602 ළඟ තබාගෙන සිටි සැකකරුවන් තිදෙනකු සීදූව ලියනගේමුල්ල දී සහ වීරගුල අංගම්පිටිය යන ප්‍රදේශවල දී අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකායේ බුද්ධි අංශ නිලධාරීන් පවසයි.
ලියනගේමුල්ල ප්‍රදේශයේදී ඊයේ (30) පස්වරුවේ යතුරු පැදියකින් ගමන් කරමින් සිටි තරුණයින් දෙදෙනකු නවතා පරික්ෂා කිරීමේදී ඔවුන් සතුව ව්‍යාජ රුපියල් පන්සීයේ නෝට්ටු 60 තිබූ බව විශේෂ කාර්ය බලකාය පවසයි.
එම සැකකරුවන් දෙදෙනාගෙන් ප්‍රශ්න කිරීමේ දී කිරීමේ දී හෙළි වූ තොරතුරු අනුව වීරගුල අංගම්පිටිය ප්‍රදේශයේ නිවසක් වටලා එහි තිබී 540ක ප්‍රමාණයක් අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 21, 43,45 යන වයස්වල බවත් මොවුන් සංවිධානාත්මකව මෙම ජාවාරම සිදු කරන්නන් බව ද විශේෂ කාර්ය බලකාය පවසයි.
සැකකරුවන් සතුව ව්‍යාජ මුදල් මුද්‍රණය සඳහා භාවිතා කරන මුද්‍රණ යන්ත්‍රයක් , ලැප්ටොප් පරිගණකයක්, ඇතුළු වූ භාණ්ඩ රැසක් තිබූ බවද විශේෂ කාර්ය බලකාය පවසයි.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්