ව්‍යාජ වීසා මගින් විදෙස් ගතවීමට තැත් කළ පුද්ගලයින් 12 දෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කටුනායක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා
පමණ කටාර් රාජ්‍ය හා කැනඩාවට යෑමට තැත් කළ ඇති පුද්ගලයින් 7 දෙනෙක් හා කාන්තාවන් 5 දෙනෙක් මෙලෙස අත්අඩංගුවට පත්ව ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කරනවා
මොවුන් කිරිබත්ගොඩ, පමුණුගම, කෑගල්ල, මාවනැල්ල, පොල්ගහවෙල, අලවතුගොඩ, නුගේගොඩ හා පිළියන්දල යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන බවයි වාර්තා වන්නේ
අත්අඩංගුවට ගත් සැකකාරියන් අතර නීති විරෝධී ලෙස ව්‍යාජ වීසා මගින් විදෙස්ගත වීමට කටයුතු සැලසුම් කළ සැකකාරිය ද සිටින අතර එම සැකකාරිය විසින් 5 වන පටුමඟ, කන්දේවත්ත පාර, බත්තරමුල්ල ලිපිනයේ භාෂා පුහුණු හා වීසා ලබා දෙන ආයතනයක් පවත්වා ගෙන ගොස් ඇතැයි අනාවරණය වී තිබෙනවා
සැකකරුවන් හා සැකකාරියන් ඊයේ මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව කටයුතු සැලසුම් කළ සැකකාරිය සැප්තැම්බර් මස 29 වන දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙන අතර අනෙක් සැකකරුවන් හා සැකකාරියන් රුපියල් ලක්ෂ 6ක් බැගින් වු ශරීර ඇප මත මුදා හැර ඇති බවයි වාර්තා වන්නේ
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වැඩිදුර විමර්ශන සිදුකරනවා
More Stories
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ
මාලිමා මන්ත්රීලාට, ඇමතිලාට වැටුප් නෑ..
මාලිමාවේ ජාතික ලයිස්තුව