2020 වසරේ ලොව වැඩිම වාර ගණනක් භාගත කළ අන්තර්ජාල යෙදවුම බවට චීන සමාගමකට අයත් TikTok යෙදවුම පත්ව තිබේ.
ඇනී ඩිජිටල් විශ්ලේෂණ සමාගාම විසින් වාර්ෂිකව සිදුකරන සමීක්ෂණයෙන් අනාවරණය වී ඇත්තේ භාගත කිරිම් වැඩිම වාර ගණනක් සිදුකළ යෙදවුම බවට පත්ව තිබූ ෆේස්බුක් මැසෙන්ජර් යෙදවුම මෙවර දෙවන ස්ථානයට පත්ව ඇති බවයි.
2018 වසරේ සිට වැඩිම වාර ගණනක් භාගත කිරිම් සහිත අන්තර්ජාල යෙදවුම් 05 අතරට ෆේස්බුක් සමාගමට අයත් නොවන යෙදවුමක් එක් වූ පළමු අවස්ථාව ද මෙය වේ.
ෆේස්බුක් සමාගමට අයත් මැසෙන්ජර්, වට්ස්ඇප්, ෆ්ලෑග්ෂිප් සහ ඉස්ටග්‍රෑම් යන අන්තර්ජාල යෙදවුම් වැඩිම භාගත කිරිම් සහිත සෙසු යෙදවුම් අතර පසු වෙයි.
More Stories
චීන-රුසියා විදේශ අමාත්‍යවරුන් අතර හමුවක්
ඇමරිකාව චීනයට අපහාස කිරීම හා පීඩන එල්ල කිරීම නවතා දැමිය යුතු බව චීන විදේශ අමාත්‍යංශය පවසයි
චීනය පැනමා ඇළ පාලනය කිරීම පිළිබඳ ඇමරිකාවේ ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් – චීනය කියයි