නිරෝධායන ඇඳිරිනීතිය හේතුවෙන් දින 41 ක් අඛණ්ඩව අත්හිටුවා තිබූ ලොතරැයි අළෙවිය හෙට (02) සිට යළි ආරම්භ කරන බව ජාතික සහ සංවර්ධන යන ලොතරැයි මණ්ඩල පවසයි.
ඒ අනුව පසුගිය අගෝස්තු මස 21 වැනිදා අළෙවි කිරීමට නියමිතව තිබූ ලොතරැයි හෙට වෙළෙඳපොලට නිකුත් කෙරෙනු ඇති.
ලොතරැයි මණ්ඩලවල නිලධාරීන් සදහන් කළේ අගෝස්තු මාසය සඳහා මුද්‍රණය කර තිබූ ඉතිරි ලොතරැයි ඉන් අනතුරුව වෙළෙදපොලට යොමුකරන බවයි.
නිරෝධායන ඇඳිරිනීතිය පැවැති දින 41ක තුළ ලොතරැයි අළෙවිකිරීමට නොහැකි වීමෙන් ජාතික සහ සංවර්ධන යන ලොතරැයි මණ්ඩල වලට රුපියල් කෝටි 600 කට ආසන්න ආදායමක් අහිමිවී ඇති බවට වාර්තා වේ.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ