ජනවාරි 06 වැනිදා සිට මේ දක්වා තමන් සමග සමීපව හමු වූ සියලු දෙනාට නිරෝධානය සඳහා යොමු වන්නැයි අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා ඉල්ලා සිටිනවා. අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම්වරයා නිකුත් කළ නිවේදනයක මේ බව සඳහන් වේ.
වාසුදේව නානායක්කාර මහතාට කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ බව හෙළි වූ පසු මේ වනවිට ඔහු වෛද්‍ය නිර්දේශ යටතේ රජයේ ප්‍රතිකාර මධ්‍යස්ථානයක රැඳී සිටිනවා. කෙසේ වුවද අමාත්‍යවරයා යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවන බවයි අදාල නිවේදනයේ සඳහන් වන්නේ.
උණ රෝගී තත්වයෙන් පෙළීම හේතුවෙන් අමාත්‍යවරයා පසුගිය 09 වැනිදා PRC පරීක්ෂණය සඳහා පෙනී සිට ඇති අතර ඔහු ආසාදිතයෙකු බව අනාවරණය වූයේ ඒ අනුවයි.
පසුගිය ජනවාරි 05 වැනිදා සිය උපන් දිනය වෙනුවෙන් විශේෂ උත්සවයක් පවත්වා ඇති බවට මාධ්‍ය වාර්තා කර තිබිණි. කෙසේ නමුත් මාධ්‍ය ලේකම්වරයා නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ ජනවාරි 06 වැනිදා සිට අමාත්‍යවරයා සමීපව ඇසුරු කළ පුද්ගලයන් නිරෝධායනය විය යුතු බවයි.
More Stories
එජාප – සජබ හවුලට එජාප කෘත්‍යාධිකාරියෙන් අනුමැතිය
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්