අපේක්ෂකයා ගමන් කරන වාහනය හැර බස්රථ, ත්‍රිරෝද රථ ඇතුළු වාහනවල අලවා ඇති අපේක්ෂක ප්‍රවර්ධන ස්ටිකර් ගලවා ඉවත් කරන ලෙස මැතිවරණ කොමිසන් සභාව පොලීසියට උපදෙස් දී තිබෙනවා.
මැතිවරණ නීති උල්ලංඝනය කරමින් එවැනි වාහනවල පක්ෂ හා අපේක්ෂකයන් ප්‍රවර්ධනය වන ආකාරයේ වැකිල සලකුණු, ඡායාරූප ඇතුළත් ස්ටිකර්, බැනර් ප්‍රදර්ශනය කිරීම පිළිබඳව මැතිවරණ කොමිසමට පැමිණිලි ලැබී ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේ.
තරග කරන අපේක්ෂකයා ගමන් කරන පෞද්ගලික වාහනයේ හැර වෙනත් කිසිදු වාහනයක එවැනි ආකාරයේ පෝස්ටර් හෝ බැනර් ප්‍රදර්ශනය කිරීම මැතිවරණ පනතට අනුව වරදක් බව ද මැතිවරණ කොමිසම නිවේදනය කළා.
ඒ හේතුවෙන් එම ස්ටිකර් හා බැනර් වහාම ඉවත් කළ යුතුයි.
එවැනි ස්ටිකර් හා බැනර් වාහනවල සවිකර ඇද්දැයි හදිසි පරීක්ෂා කිරිම් සිදුකරන ලෙසට නියෝජ්‍ය පොලිස්පතිවරු හා කොට්ඨාස භාර පොලිස් නිලධාරීන් වෙත උපදෙස් නිකුත් කර ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා පෙන්වා දුන්නේ.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්