වසර එකහමාරක කාලයක් පුරා වාහන ආනයනය තහනම් කිරීමට ආණ්ඩුව ගත් පියවර හේතුවෙන් වාහන අලෙවිකරුවන්ගෙන් 60%කට තමන්ගේ ව්‍යාපාරික ස්ථාන වසා දැමීමට සිදුව ඇතැයි වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි.
අලෙවිය සඳහා වාහන නොමැති වීම නිසා පාවිච්චි කළ හා නොකළ වාහන ආනයන කරන ව්‍යාපාරිකයින්ට මෙසේ ව්‍යාපාරික ස්ථාන වසා දැමීමට සිදුව ඇතැයි ප්‍රකාශ කරන එම සංගමයේ සභාපති සම්පත් මෙරෙන්චිගේ මෙම ආනයන තහනම හේතුවෙන් වාහන මිල ගණන් 15% සිට 30% අතර ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇතැයි ප්‍රකාශ කරයි.
තම කර්මාන්තය රැකගැනීම සඳහා ආණ්ඩුවෙන් හෝ බැංකුවලින් කිසිදු සහනයක් ලැබී නැති බවද ඔහු පෙන්වා දෙයි.
වාහන ආනයන කර්මාන්තයේ ඍජු හා වක්‍ර රැකියාවල නිරත ලක්ෂයක පමණ පිරිසක් මේ හේතුවෙන් පීඩාවට පත්ව සිටින බවද වාර්තා වේ.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට