කොළඹ දිස්ත්‍රික්කය තුළ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබේ.
ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කය තුළ ආදායම් බලපත්‍ර නිකුත් කිරීම 2020.10.22 දින සිට 2020.10.29 දින දක්වා තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබේ.
එම කාලසීමාව තුළ කල් ඉකුත්වන වාහන ආදායම් බලපත්‍ර සඳහා අලුතින් ආදායම් බලපත්‍ර ලබාගැනීමේදී දඩ මුදලක් අය නොකිරීමට කටයුතු කරන බවද බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම්වරිය පැවසුවාය.
එසේ වුවද www.motortraffic.wp.gov.lk වෙත පිවිස(Online) ආදායම් බලපත්‍ර ලබා ගත හැකි වේ.
රටේ පවතින කොරෝනා තත්ත්වය සැළකිල්ලට ගෙන එම තීරණය ගත් බව බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් ජේ.එම්.සී ජයන්ති විජේතුංග මහත්මිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට