ඉදිරියේදී වාහන ආනයනයට අවසර ලබාදෙන බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය 18 වැනිදා පාර්ලිමේන්තුවේදි පැවසීය.
ඒ අනුව වාහන ආනයනයේදි ඉලෙක්ට්‍රික් මෝටර් රථ සදහා මූලික අවධානය යොමු කරන බව ජනපතිවරයා වැඩිදුරටත් සදහන් කළේය.
එම ප්‍රකාශයෙන් වැඩි වාසියක් ලබාගැනීම සදහා වාහන මිල කෘතිමව ඉහළ දමන මෙරට යම් යම් කණ්ඩායම් විසින් වාහන ආනයනය කළවිට මෙරට තුළ භාවිතා කරන වාහන විකිණීමේදී මිල ගණන් කැපීපෙනන ලෙස අඩු විය හැකි බවට මතයක් සමාජයේ ගෙන යාමට උත්සාහ දරයි.
ඒ අනුව ඔවුන් අසත්‍ය කටකතා පතුරවමින් සමාජ මාධ්‍යවල තවත් මාස තුනක් හෝ හතරකින් යළි ශ්‍රී ලංකාවට වාහන ආනයනය කරන බව සදහන් කරයි.
එම අසත්‍ය ප්‍රකාශ මගින් ජනතාව රවටා ඔවුන් භාවිතා කරන වාහන විකිණීමට පෙළඹවීමේ වැඩපිළිවෙළක් මේ වන විට දියත් කර ඇති බවට තොරතුරු වාර්තා වේ.
විවිධ දැන්වීම් ප්‍රචාරය කරමින් “ඔබේ වාහනයට හොදම මිලක් අපෙන්” යනුවෙන් සදහන් කරමින් වාහන මිලදී ගැනීම් සහ විකිණීම් කරන (buy and sell) කරන පුද්ගලයින් භාවිතා කරන වාහන මිලදී ගෙන තවත් මාස කිහිපයකින් ගත් මිලට වඩා අධික මිලකට වාහන අලෙවි කරමින් සිටියි.
කෙසේ වෙතත් වාහන ආනයනකරුවන් සදහන් කළේ මෙරටට වාහන අලෙවි කළද පවතින වාහනවල මිල ගණන් විශාල වශයෙන් අඩු නොවනු ඇති බවයි.
ශ්‍රී ලංකාව තුළ වාහන මිල වැඩිවීම තවත් හේතු කිහිපයක් තිබේ එනම් ඩොලරයේ අගය ඉහළ යාම, වාහන අමතර කොටස් මෙන්ම වාහන ආනයනය නොකිරීම යන කරුණු කාරණා ද ඇතුළත් වේ.
එය එසේ තිබියදී මුදල් අමාත්‍යවරයා පසුගිය දිනෙක සදහන් කළේ වාහන ආනයනය කිරීම මේ වසර අවසන් වූ පසු සිදුකිරීමට බලාපොරොත්තු වන බවයි.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්