භාණ්ඩ හා සේවා මිලගණන් ඉහළ යාමත් සමඟ සෞඛ්‍ය අමාත්‍යංශයේ වෙන්කර තිබූ මුදල් ප්‍රමාණයන් අවසන් වීම හමුවේ වැටුප් ගෙවීමට පවා නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බව සෞඛ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පැවසීය.
රූපවාහිනී වැඩසටහන වෙත එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළකළේය.
අතිකාල දීමනා අඩු කිරීමට උපදෙස් ලබා දී තිබෙන නමුත් තමන් මේ මොහොතේ එසේ නොකරන පවත්වා ගෙන ආ ක්රවේදය ඉදිරියට ගෙන යන ලෙස සෞඛ්‍ය ලේකම්වරයාට සහ අධ්යක්ෂ ජනරාල්වරයාට දැනුම්දුන් බව ඔහු පවසයි.
ඉදිරියේදී නියත වශයෙන්ම නව අයවැයක් ඉදිරිපත් කළයුතු බවත් එසේ නොමැති වුවහොත් සෞඛ්‍ය ක්ෂේත්රයේ පමණක් නෙවෙයි රටේ අනෙකුත් ක්ෂේත්රත් කඩා වැටීමට හැකි බව අමාත්‍යවරයා සඳහන් කරයි.
සංවාදයේ කොටසක් පහතින්.
ප්රශ්නය තිබුනේ මුදල් ඇමතිවරයාගේද, මහා භාණ්ඩාගාරයේද, මහ බැංකු අධිපතිවරයාගේ ද?
පිළිතුර – “මේ සියලුදෙනාත් එක්ක අපි කතා කළා. මට එක පුද්ගලයෙක් මෙහෙමයි කියන්න බෑ. රැස්වීමේදී එකඟතාවය ලැබෙනවා. අපිට කියනවා හරි හෙට මේ ටික දෙන්නම් කියලා. රාජ්‍ය බැංකුවලට කතා කළාම කියන්නේ. ඔබතුමාලට පොරොන්දු වුනාට ඒ ඩොලර් ප්‍රමාණය තාම අපිට ඇවිල්ලා නෑ කියලා.”
මේ වනවිට කොපමණ හිඟයක් තියෙනවා ද ?
පිළිතුර – “ජීවිතාරක්ෂක ඖෂධ , වයිටල් කියන ඩ්‍රග්ස් 14ක් තියෙනවා. ඒ 14න අප සතුව දැන් දෙකක් නැහැ. ඒ වගේම අත්‍යාවශ්‍ය ඖෂධ අපේ රටේ තියෙනවා 646ක්. ඒ 646න් අද උදෑසන වෙනකොට ඒකෙන් 114ක් නෑ. ඒ වගේම අත්‍යාවශ්‍ය නොවන ඖෂධ 486ක් තියෙනවා ඒකෙන් 186ක් නෑ. දැන් අපි දන්නවා දවස් 90ක් යනකොට මේ LC ඕපන් කරපු ටිකේ අපිට බෙහෙත් ටික ලැබෙනවා. ආසන්න වශයෙන් ගත්තොත් ජූලි 15 වෙනකොට මේ ඖෂධ පිළිබඳව ප්රශ්නය මේ රටේ විසඳෙන්න ඕනේ. අපි තවත් දවස් 15ක් එකතු කරමු. අගෝස්තු 01 වෙනකොට දැනට අපිට නැති මේ ඖෂධ සියල්ල සඳහා LC ඕපන් කරලා තියෙන නිසා මේවා අපේ රටට පැමිණිය යුතුයි. එතකොට අගෝස්තු 01න් පස්සේ මේ රටේ තව වසරක කාලයක් සඳහා ඖෂධ ශල්‍ය උපාංග සහ අනෙක් ඒවාට ප්‍රශ්නයක් වෙන්න බෑ. සහ අනිකුත් විද්‍යාගාර අයිතමයන්හි ප්‍රශ්නයක් ඇතිවෙන්නේ නෑ කියන සහතිකය මට දෙන්න පුළුවන් ඒ සඳහා අවශ්‍ය පියවර අරගෙනයි තියෙන්නේ.
එතකොට අපි තාම ඉන්නේ අප්‍රේල් මාසේ අන්තිම සතියේ, එහෙනම් කොහොමද මේ මැයි, ජුනි ජුලි ගෙවාගන්නේ. දැන් අපි ඒ ලැයිස්තු හදලා මම ලෝක සෞඛ්‍ය සංවිධානයට මාස දෙකකට විතර කළින් තමයි කතාකළේ. ඔවුන් සමඟ දීර්ඝ එකඟතාවයකට ඇවිල්ලා. අපිට ඔවුන් එකඟ වෙලා තියෙනවා. ක්ෂණික ආධාරයක් විදියට අමෙරිකානු ඩොලර් මිලියනයක් ඒ වගේම අමෙරිකානු ඩොලර් 370,000ක ඖෂධ හැටියට ආධාර මැයි පළමුවෙනි සතියේ අපිට ලැබෙනවා. ඉන්දියානු රජය අපිට මානුෂීය ආධාරයක් විදියට ශල්‍ය උපාංග සහ ඖෂධ වර්ග 101ක් බොහෝවේලාවට හෙට දිනයේ අපට ලැබෙන්න නියමිතයි. ඒ වගේම ඉන්දුනීසියානු රජයෙන් අපිට රුපියල් මිලියන 340කට ආසන්න ඖෂධ සහ ශල්‍ය උපාංග ගුවන් මගින් එවන්න කටයුතු කරලා තියෙනවා.”
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්