වැඩබලන සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන පිළීබඳ රාජ්‍ය අමාත්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පත් කර තිබෙනවා.
පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය යළි සේවයට වාර්තාකරනතෙක් මෙම පත්කිරීම සිදුකර ඇති අතර ඒ අනුව චන්න ජයසුමන මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ අද දිවුරුම් දුන් බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කලේ.
මේ අතර ඉඩම් කළමනාකරණ කටයුතු, රාජ්‍ය ව්‍යපාර ඉඩම් හා දේපළ සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ රොෂාන් රණසිංහ මහතා පළාත් සභා හා පලාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය ධූරයට පත් කර තිබෙනවා.
ඔහුද අද පෙරවරුවේ ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ