නියමිත කාලය ඉක්මවා විදුලිය කප්පාදුවක් සිදු වේ නම් ඒ පිළිබඳව වහා පැමිණිලි කරන ලෙසට මහජන උපයෝගිතා කොමිසම දැනුම් දී තිබේ.
එම කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසුවේ අදාළ ප්‍රදේශය සහ විදුලිය කප්පාදුව සිදුවූ වේලාවන් නිවැරදිව සඳහන් කර පැමිණිල්ල යොමු කළ යුතු බවයි.
මේ අතර අද දිනයේත් රාත්‍රී කාලයේ විදුලි කප්පාදුවක් සිදු නොකරන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසයි.
ඒ – බී සහ සී කාණ්ඩවලට දිවා කාලයේ පැය දෙකහමාරක විදුලි කප්පාදුවක් සිදුවන අතර අනෙකුත් කලාපවලට අද දිවා කාලයේදී හෝ විදුලි කප්පාදුවක් සිදු නොවනු ඇති.
More Stories
දේශීය ගුවන් ගමන්වාර වැඩි කිරීමට සැලසුම්
උපයන විට බදු ගෙවන ඔබට ලැබෙන සහනය
රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම අප්‍රේල් මස 10වැනි දින සිට ක්‍රියාත්මකයි – කැබිනට් ප්‍රකාශක