ශ්‍රී ලංකාවෙන් එක් දිනයකදී වාර්තාවූ වැඩිම කොවිඩ් ආසාධිතයන් සංඛ්‍යාව ඊයේ වාර්තා වුණා. ඒ 887 ක් ලෙසයි.
ඉන් 873 දෙනෙකු මිනුවන්ගොඩ – පෑලියගොඩ – බන්ධනාගාර කොවිඞ් පොකුරෙන් වනවා.
ඒ අනුව එම පොකුර පවතින්නේ 52202 ක් ලෙසයි.
විදෙස්ගතව සිට පැමිණි 14 දෙනෙකුද ආසාධිතයන් ලෙස තහවුරුවීම හමුවේ මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 56 076 දක්වා ඉහළ ගියා.
දැනට මෙරට රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 7816 ක්.
මෙරට කොවිඞ් ආසාධිතයන් අතුරින් සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 47 984 ක් බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කලේ.
More Stories
චීන තානාපතිවරයා හා ශ්‍රී ලංකා ජනාධිපතිවරයා අතර හමුවක්
විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක වර්ජනය අවසන්
ජපුර විශ්වවිද්‍යාලයෙන් රුසියානු භාෂා ඩිප්ලෝමා පාඨමාලාවක්