අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරමින් පොල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කිරීමෙන් අනතුරුව පොල් වැඩි මිලට විකුණන වෙළෙඳුන් සොයා අද (29) දිනයේදීත් දිවයින පුරා වැටලීම් ක්‍රියාත්මක කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ප්‍රකාශ කළා.
පොල් ගෙඩියේ වට ප්‍රමාණය අනුව උපරිම සිල්ලර මිලක් නියම කරමින් පාරිභෝගික සේවා අධිකාරිය අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කළේ පසුගිය 25 වනදා සිටයි.
ඒ අනුව වටප්‍රමාණය අගල් 13 ට වැඩි පොල් ගෙඩියක උපරිම මිල රුපියල් 70ක්.
වටප්‍රමාණය අගල් 12ත් 13ත් අතර පොල් ගෙඩියක උපරිම මිල රුපියල් 65ක් ලෙසත්, වටප්‍රමාණය අගල් 12ට අඩු පොල් ගෙඩියක උපරිම මිල රුපියල් 60 ක් ලෙසත් එම ගැසට් නිවේදනයේ සඳහන්.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්රී ලංකා ජනපති අතර හමුවක්