ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවේ කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් විසින් සමාජ මාධ්‍ය ඔස්සේ සුප්‍රසිද්ධ හෝටල් තුළ සංවිධානය කරන ලද මත්පැන් සාද 3ක් මොරටුව, බොරලැස්ගමුව හා උනවටුන යන ප්‍රදේශයන් හිදී වටලා තිබෙනවා.
මෙම සාද සදහා සහභාගී වීමට ප්‍රවේශපත්‍ර කලින් වෙන් කර ගැනීමෙන් පසු සුරාබදු නිලධාරීන් උපාය දූතයින් ලෙස සහභාගී වූ බවයි සුරාබදු කොමසාරිස්වරයා නිවේදනය කළේ.
මෙම සාද සඳහා සහභාගී වූ පෙම්වතුන් හට විදේශ මත්පැන් අධික මිල ගණන් යටතේ විකිණීම සිදු කරන තිබෙනවා.
මෙම සාද සියල්ලම සුරාබදු අවස්ථා බලපත්‍ර ලබාගැනීමකින් තොරව සංවිධානය කර තිබූ අතර අතර මෙම හෝටල් පරිශ්‍රයන් සදහා ද කිසිදු සුරාබදු බලපත්‍රයක් ලබා නොතිබූ බව ඒ මහතා සඳහන් කළා
මෙම සාදයන් තුළ තිබී විදේශ මත්පැන් මිලි ලීටර් 49,300 ක් සුරාබදු නිලධාරීන් භාරයට ගෙන ඇති අතර මත්පැන් තොගයේ සිල්ලර වටිනාකම රුපියල් ලක්ෂ දහයක් (1,000,000/=) පමණ අගයක් ගන්නා බව එම නිලධාරීන් පවසනවා .
සාද සංවිධානය කළ උනවටුන, අනුරාධපුර හා නුගේගොඩ ප්‍රදේශයන් වල පදිංචි පුද්ගලයින්අත්අඩංගුවට ගෙන ඇති අතර මොවුන් ගාල්ල, මොරටුව හා ගල්කිස්ස යන මහේස්ත්‍රාත් අධිකරණයන් වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්