එළඹෙන සති අන්තයේදි කොළඹ සහ තදාසන්න ප්‍රදේශ කිහිපයක පැවැත්වීමට සංවිධානය කර ඇති වැලන්ටයින් සාදවලින් කොරෝනා වෛරසය පැතිරීම තව තවත් බරපතළ වනු ඇතැයි රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය (GMOA) අනතුරු අඟවයි.
සිය දෛනික මාධ්‍ය හමුවේදි අදහස් පල කළ එම සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ ෆෙස්බුක් සහ අන්තර්ජාලය හරහා වැලන්ටයින් සාද රැසක් සංවිධානය වෙමින් ඇති බව තම සංගමයට නිරීක්ෂණය වී ඇති බව පවසයි.
“කොළඹ මෙන්ම පිටපලාත් වලත් වැලන්ටයින් සාද සංවිධානය කර ඇති බව අපට නිරීක්ෂණය වුනා. මේවායේ සහභාගි වන පිරිස සීමා කරලා නැහැ. මේ සාද පවත්වන්න අනුමැතිය දුන්න බළධාරින්ගෙන් අපි ඉල්ලා සිටිනව ඔවුන්ගේ තිරණය නැවත සලකා බලන්න කියලා. මේ තියන තත්වය එක්ක වැලන්ටයින් සාද පැවැත්වුවොත් එය කොරෝනා ව්‍යාප්තිය වැඩි වීමට හේතුවක් වේවි.” වෛද්‍ය අලුත්ගේ වැඩිදුරටත් පවසයි.
More Stories
සත්ත්ව සංගණනය ලබන 15 දිවයින පුරා
ශ්‍රී ලංකාවේ ප්‍රගතිය ගැන IMF ප්‍රසාදය
ඉදිරියේදී රජයේ පොදු ප්‍රවාහන සේවයට කාන්තාවන්