රුපියල් පන්දහසක් සමඟ වැල්ලම්පිටියෙන් ඇල්ලු තරුණයා
මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුණු පුද්ගලයෙකු හෙරෝයින් සහ කේරළ ගංජා සමග වැල්ලම්පිටිය ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් ඊයේ (09) අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලස අත්අඩංගුවට ගත් පුද්ගලයා වයස අවුරුදු 36 ක පුද්ගලයෙකු බවටයි වාර්තා වන්නේ.
අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වැල්ලම්පිටිය පොලිස් ස්ථානය වෙත භාර දී තිබේ.
අත්අඩංගුවට ගන්නා ලද මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් දෙලක්ෂ තිස්පන්දහසකට අධික වටිනාකමකින් යුතු බවටයි පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ.
එමෙන්ම ජංගම දුරකථනයක්, විද්‍යුත් තාරාදියක් හා මුදල් රුපියල් 50,000ක් පොලිස් භාරයට ගෙන තිබේ.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ