වැල්ලවාය පොලිස් බල ප්‍රදේශයට අයත් සෙල්ලබාව දෙක ප්‍රදේශයේ නිවසක තිබී තරුණ අඹුසැමි යුවලකගේ මළ සිරුරු වැල්ලවාය පොලිසිය විසින් සොයාගෙන තිබේ.
ලද තොරතුරක් අනුව ඊයේ (06) පස්වරුවේ මෙම සිරුරු දෙක සොයාගෙන ඇත.
එසේ මියගොස් ඇත්තේ තිස් හය හැවිරිදි පුද්ගලයෙක් සහ වයස අවුරුදු විසි එකක ඔහුගේ බිරිඳ බව පොලීසිය සඳහන් කරයි.
එම මියගිය පුද්ගලයා දේශීය වෙදකම සිදුකළ පුද්ගලයකු බව වාර්තා වන අතර ඔවුන් වැල්ලවාය සෙල්ලබාව ප්‍රදේශයේ නිවසක් කුලියට ගෙන එහිම දේශීය වෙදකම් සිදුකරමින් ජීවත්වී ඇත.
සිරුරු දෙකම නිවසේ නිදන කාඹරයක ඇඳක් මත තිබී හමුවී තිබේ.
පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිත අතර වැල්ලවාය පොලිසිය විසින් ඉදිරි විමර්ශන සිදු කිරීමට නියමිතය.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති