වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයේ තාප්පයට පිටතින් වනාතමුල්ල, සීවලි පටුමග දෙසින් තහනම් භාණ්ඩ ඇතුළත් පාර්සල් 18 ක් දමා තිබියදී බන්ධනාගාර නිලධාරීන් විසින් සොයාගෙන තිබෙනවා.
මෙම පාර්සල්වල තිබී ජංගම දුරකථන 38 ක්, එම බැටරි 264 ක්, සිම්පත් 20 ක් සහ හෙරොයින් ග්‍රෑම් 3 යි මිලිග්‍රෑම් 5 ක් ද සොයාගෙන තිබෙනවා. දුම්කොල පැකට් සහ මාවා පැකට් 10 ක්ද
එම පාර්සල්වල තිබී සොයාගත් බව බන්ධනාගාර කොමසාරිමස් ජනරාල්වරයා සඳහන් කළා.
මෙම ද්‍රව්‍ය සියල්ල බොරැල්ල පොලීසියට මේ වන විට වැඩිදුර පරීක්ෂණ සඳහා බාර දී තිබෙනවා.
මෙවැනි සිදුවීම් සම්බන්ධයෙන් පසුගිය කාලය තුළ පුද්ගලයින් 7 දෙනෙක් අත්අඩංගුවට පත්ව තිබේ.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ