වැලිකඩ බන්ධනාගාර ගැටුමේ වසර අට සිහිපත් කිරීම ඊයේ මහර බන්ධනාගාරයෙන් කළ බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා කියා සිටියේය.
හිටපු මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ අද (30) සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදීය.
මේ සම්බන්ධයෙන් කරුණු දක්වමින් විමල් විරවංශ අමාත්‍යවරයා පැවසුවේ එය ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් වන අතර කේන්තිය කුළුගන්වන පෙති වර්ගයක් සිරකරුවන් අතර බෙදා ගෙන ගොස් ඇති බවත්යි. එවැනි ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් තිබුණේ නම මයික් පොම්පියෝ එන විට එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිටට ගොස් උපවාස නොකළේ ඇයිද යන්න මෙහිදී හිටපු මන්ත්‍රීවරයා විමසා සිටියේය.
ජාත්‍යන්තරයට යට නොවෙන බව පැවසූ තනි සිංහල ආණ්ඩුව දැන් මේ ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් ගැන කියන්නේ කුමක්ද යන්න නිසි ලෙස පැහැදිලි කළ ඔහු වැඩිදුරටත් පැවසුවේ.
මේ අතර ඇප රැල්ල, චිත්‍ර රැල්ල අවසන් වී දැන් ඇප සමඟ නඩුවලින් නිදහස් කිරීමේ රැල්ලද අරඹා ඇති බවද හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළේය.
More Stories
චීන තානාපතිවරයා හා ශ්‍රී ලංකා ජනාධිපතිවරයා අතර හමුවක්
විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක වර්ජනය අවසන්
ජපුර විශ්වවිද්‍යාලයෙන් රුසියානු භාෂා ඩිප්ලෝමා පාඨමාලාවක්