ශ්‍රී ලංකා – කොදෙව් දෙවන ටෙස්ට් තරගයේ දෙවන දිනය වූ අද දිනයේත් වර්ෂාව නිසා පන්දු වාර ගණනාවක් අත්හැර දැමීමට සිදුවුණි.
තරගය අද දිනයට අත්හිටුවන විට කොදෙව් පිල පළමු ඉනිමට එක් කඩුල්ලක් දැවී ලකුණු 69ක් රැස්කරගෙන සිටියේය.
අද දිනය සඳහා තරගය ආරම්භ කරනවිට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකාව එක් කඩුල්ලක් දැවී ලකුණු 113ක් රැස්කරගෙන සිටි අතර ශ්‍රී ලංකා ඉනිමේ දෙවන කඩුල්ල ලෙස ඕෂධ ප්‍රනාන්දු ලකුණු 18කට දැවීගියේය.
ශ්‍රී ලංකා පළමු ඉනිමේ සාර්ථකම පිතිකරුවා වූ පැතුම් නිස්සංක දැවීගියේ ලකුණු 73කටය.
අනතුරුව පාදයේ ආබාධයක් හේතුවෙන් ඇන්ජලෝ මැතිව්ස් පිටියෙන් ඉවත්වීමත් සමග ශ්‍රී ලංකා ඉනිම බිඳවැටීම ආරම්භ වුණි.
ආබාධයකට ලක්ව පිටියෙන් ඉවත්වූ මැතිව්ස් කඩුලු 8ක් දැවීයාමෙන් අනතුරුව නැවතත් පන්දුවට පහරදීමට පිටියට පිවිසුනත් ආබාධයත් සමග ඔහුට සාර්ථක වීමට හැකිවූයේ නැත.
ඒ අනුව, ශ්‍රී ලංකා කණ්ඩායමට සිය පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 204ක් පමණි.
ශ්‍රී ලංකා ඉනිමේ අවසන් කඩුළු 9 ලකුණු 91ක් තුළ බිඳවැටීම විශේෂත්වයකි.
වීරසාමි පර්මෝල් ලකුණු 35කට කඩුලු 5ක්ද සහ ජොමෙල් වරිකන් ලකුණු 50කට කඩුලු 4ක් ද දවාගත්තේය.
More Stories
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි
ශ්‍රී ලංකා ක්රිකට් ඒ කණ්ඩායමට තීරණාත්මක දවස
පැරිස් පැරාලිම්පික් ක්‍රීඩා උළෙල ඇරඹීමට සූදානම්