ඇමරිකානු එක්සත් ජනපදයේ සිට අයිස්ලන්තය බලා ගමන් කරමින් සිටි ඇමරිකානු ජාතික කාන්තාවක් පැය 5කට අධික කාලයක් ගුවන් යානයේ වැසිකිලිය තුල සිරවී සිටි පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කොට තිබුනා. Marisa Fotieo නැමති පෙර පාසල් ගුරුවරියක වන ඇය සිය ගුවන් ගමන අතර තුර ඇයට කොවිඩ් පොසිටිව් බව දැන ගැනීමෙන් පසුව අනික් මගීන්ට රෝගය බෝවීම වැලැක්වීම සඳහා මෙලෙස ස්වෙච්ඡාවෙන්ම වැසිකිළිය තුලට වී සිටි බව ඇය ප්‍රකාශ කරනවා.
ගුවන් ගමන අතර තුර ඇයගේ උගුර රිදීමක් දැනුනු බවත් එම නිසා තමන් සතුව තිබූ ඇන්ටිජන් කට්ටලයකින් කොරෝනා පරීක්ෂණයක් සිදුකල බවත් ඇය ප්‍රකාශ කරනවා. තමන් පොසිටිව් වී ඇති බව දැනගැනීමෙන් අනතුරුව ඒ බව ගුවන් සේවිකාවන්ට දැනුම් දීමෙන් පසුව ගුවන් ගමනේ ඉතිරි කොටස වැසිකිලියට වී සිටිමට ඇය තීරණය කොට තිබෙනවා. ඒ අවස්ථාවේදී ගුවන් යානයේ මගීන් 150කට අධික පිරිසක් ගමන් කරමින් සිට ඇති අතර ඔවුන්ගේ යහපත සඳහා ඇය එම තීරණය ගත් බවයි මාධ්‍යයට ප්‍රකාශ කොට තිබුනේ.
“ඒක මහ පිස්සු අත්දැකීමක්” ඇය මාධ්‍ය වෙත ප්‍රකාශ කොට තිබුනා. ගුවන් සේවිකාවන් නිතරම තමන් ගැන සොයා බැලූ බවත් තමන්ට අවශ්‍ය සියළුම ආහිර පාන වැසිකිලියට තුලටම ලබා දුන් බවත් ඇය මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුනා. තමන් ගැන සොයා බැලූ ගුවන් සේවිකාවන්ට ස්තූතිවන්ත වෙමාන් ඇය TikTok වෙත මුදා හැරි වීඩියෝවක් මිලියන 4කට අධික පිරිසක් නරඹා තිබුනා. අයිස්ලන්තයට පැමිනීමෙන් පසුව ඇයව නිරෝධායනය සඳහා යොමු කිරීමට පියවර ගෙන තිබුනා.
- Thilan Jayasekarage ගේ Facebook පිටුවෙන් උපුටා ගන්නා ලදී.
More Stories
ඇමරිකාව සයිබර් ආරක්ෂණ ගැටළු මුවාවෙන් චීනයට අපහාස කිරීම වහාම නතර කළ යුතු බවට චීනයෙන් ප්‍රකාශයක්
“එක් රටක් ක්‍රම දෙකක්”ප්‍රතිපත්තිය මැකව් හි ඉතා සාර්ථකව ක්‍රියාත්මක වන බවට CGTN මත විමසුමකින් අනාවරණය කෙරේ
සංවර්ධනයෙන් පිබිදෙන චීන මැකව් විශේෂ පරිපාලන කලාපය