විගණන වාර්තා නොදුන් දේශපාන පක්ෂ 4ක් කොමිසමට කැඳවයි

දේශපාලන පක්‍ෂ 4ක විගණන වාර්තා මැතිවරණ කොමිසමට භාරදී නොමැති අතර එම පක්ෂ මැතිවරණ කොමිසම වෙත හෙට (22) කැඳවීමට තීරණය කර තිබේ.

මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා සඳහන් කරන්නේ අවස්ථා කිහිපයකදී සිය විගණන වාර්තා නිසි පරිදි ඉදිරිපත් කරන්නැයි එම දේශපාලන පක්ෂවලට දැනුම් දී ඇති බවය.

එසේම නිසි පරදී විගණන වාර්තා භාර නොදෙන පක්ෂ ඉදිරියේදී අක්‍රීය කිරීමට කටයුතු කරන බවද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සඳහන් කරයි.

  • මුලාශ්‍ර අරුණ පුවත්පත
WP Twitter Auto Publish Powered By : XYZScripts.com