රාජගිරිය ප්‍රදේශ රිය අනතුරක් සිදුකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂගේ පුත් රඛිත රාජපක්ෂ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප මත මුදා හැර තිබේ.
ඒ, රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මතයි.
ඊයේ (19) රාත්‍රී 10.30ට පමණ රාජගිරිය ගුවන් පාළම අසල දී මෙම අනතුර සිදුව ඇත.
රාජගිරිය ගුවන් පාළම අසල දී බොරැල්ල සිට රාජගිරිය දෙසට ගමන් ගත් මෝටර රථයක් සහ බුත්ගමුව දෙස සිට ප්‍රධාන මාර්ගයට ඇතුළත් කළ ජීප් රථයක් එකිනෙක ගැටීමෙන් එම අනතුර සිදුව තිබේ.
අනතුරින් පුද්ගලයින් සිව්දෙනෙකු තුවාල ලබා තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් වැලිකඩ පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
- මුලාශ්‍ර අරුණ පුවත්පත
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට