මේ වනවිට රට සම්පූර්ණයෙන්ම චීන යටත් විජිතයක් බවට පත්ව ඇති බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසනවා. විදේශ සබඳතා පිළිබඳව හරිහැටි අවබෝධයක් නොමැතිව කටයුතු කරන නායකයන්ගෙන් ඊට වඩා වැඩි යමක් බලාපොරොත්තු විය නොහැකි බවයි ඇය පවසන්නේ.
හිටපු ජනාධිපතිනිය මේ බව සඳහන් කළේ විජය කුමාරතුංග මහතාගේ 33 වන ගුණ සමරුව නිමිත්තෙන් සීදූව විජය සමාධිය අභියස පැවති සමරු උත්සවයට සහභාගි වූ අවස්ථාවේදී මාධ්‍යවේදීන් සිදුකළ විමසීමට ප්‍රතිචාර දක්වමිනි.
තමන් ඇතුළු දේශපාලන නායකයන් දිවි පරදුවට තබා ගොඩනැගූ රට දිනෙන් දිනම අගාධයට යමින් පවතින බවයි ඇය සඳහන් කරන්නේ. එදා තමාට ‘කොන්ඩෙ බැඳපු චීනා’ යනුවෙන් අපහාස කළ බව සිහිපත් කරන හිටපු ජනාධිපතිනිය පවසන්නේ අද වනවිට සැබෑ චීනුන් කවුරුන්ද යන්න පැහැදිලි වී ඇති බවයි.
යම් හෙයකින් අද විජය කුමාරතුංග මහතා ජීවත්ව සිටියේ නම් රටට සිදුව ඇති ඛේදවාචකය පිළිබඳව කළකිරී මුහුදට පනිනු ඇති බවයි ඇය වැඩිදුරටත් සඳහන් කරන්නේ.
More Stories
ආරක්ෂාව අඩුකිරීම ගැන හිටපු ජනපතිනියගෙන් මහජන ආරක්ෂක ලේකම්ට ලිපියක්
මහ මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ තෙවන දිනය අදයි
බදුල්ල – මහියංගනය මාර්ගයේ බිහිසුණු බස් අනතුරක් – දෙදෙනෙක් මරුට