2020 වර්ෂයේ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ සඳහා අයදුම්පත් යැවීමේදී සිදුවූ වැරදි හෝ ප්‍රමාදදෝෂ නිවැරදි කිරීම සඳහා අවස්ථාවක් එම අයදුම්කරුවන්ට ලබාදීමට අධ්‍යාපන අමාත්‍යංශය පියවර ගෙන තිබේ.
මෙවර අයදුම්පත් යොමුකිරීම මාර්ගගත ක්‍රමය ඔස්සේ පමණක් සිදුවිය.
ඒ අනුව, 2020-09-26 දින සිට 2020-09-30 දක්වා දින හතරක කාලයක් ප්‍රමාදදෝෂ නිවැරදි කිරීම වෙනුවෙන් ලබාදීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබේ.
අදාළ අයදුම්කරුවන්ට එම දින 04 ඇතුළත අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය වෙත හෝ INFO.MOE.GOV.LK හෝ WWW.MOE.GOV.LK යන වෙබ්අඩවි වෙත පිවිස, උසස් පෙළ විභාග අංකය ඇතුළත් කර අයදුම්කරුවන්ගේ දත්ත පරීක්ෂාකර එම සංශෝධන සිදු කළ හැකියි.
More Stories
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්