අධ්‍යාපන විද්‍යාපීඨ විවෘත කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තවදුරටත් කටයුතු නොකරන්නේ නම් එළැඹෙන මැයි මස 03 වැනිදා විද්‍යාපීඨ සිසුන්, දෙමාපියන් සහ කථිකාචාර්යවරුන්ගේ සහභාගීත්වයෙන් උද්ඝෝෂණ ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බව ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ පැවැසීය.
කොවිඩ් වසංගතයේ දෙවන අදියර ආරම්භවීමත් සමග පසුගිය වසරේ ඔක්තෝබර් 09 වැනිදා වසා දැමූ මෙම විද්‍යා පීඨ කිසිදු වගවිභාගයකින් තොරව නිරෝධායන මධ්‍යස්ථානවලටත් ඉන් අනතුරුව ප්‍රතිකාර මධ්‍යස්ථාන සඳහා ද භාවිත කර ඇති බව ඔහු කියා සිටියේය.
මෙම ක්‍රියාවලිය නිසා සිසුන්ගේ භාණ්ඩවලට සහ විද්‍යාපීඨ දේපළවලට හානි සිදුවී ඇති බවත්, මේ සඳහා ප්‍රමාණවත් වන්දියක් ලබාදී විද්‍යාපීඨ යළි විවෘත කරන ලෙස කිහිපවරක්ම ඉල්ලා සිටි බව ඔහු තවදුරටත් පැවැසුවේය.
මේ සම්බන්ධයෙන් අධ්‍යාපන ඇමැතිවරයා ප්‍රමුඛ අධ්‍යාපන අමාත්‍යාංශය කිසිදු අවධානයක් නොදක්වන බවත්, මෙලෙස දීර්ඝකාලීනව විද්‍යාපීඨ වසා දැමීම නිසා ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අධ්‍යාපන කටයුතු ද වසරින් වසර ප්‍රමාද වන බවත් ඔහු පැවැසීය.
අශිකා ජයවීර
- මුලාශ්‍ර අරුණ පුවත්පත
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්