ලබන 15 වන දින සිට අතපසු වී ඇති පාසල් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා විද්‍යුත් මාධ්‍ය සහ ගුවන් විදුලි මාධ්‍ය ඔස්සේ ත්‍රෛභාෂාවෙන් ඉගැන්වීම් ප්‍රචාරය කිරීමේ වැඩසටහනක් සකස් කර තිබෙනවා.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය උපාලි එම් සේදර කියා සිටියේ ඒ සඳහා රූපවාහිනී නාලිකාවල සහයද ලැබී ඇති බවයි.
ඒ අනුව දිවා කාලයේ දී ප්‍රාථමික අංශයේ 3,4 සහ 5 ශ්‍රේණි සඳහා ප්‍රධාන විෂයන් ද, 6 සිට 11 ශ්‍රේණිවල ප්‍රධාන විෂයන් ද, උසස් පෙළ සියලු විෂය ධාරාවන්ගේ ප්‍රධාන විෂයන් සඳහා ද සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍යයෙන් විකාශන කටයුතු ලබන 15 වන දින සිට ආරම්භ කිරීමට සැළසුම් කර තිබෙනවා.
නොවැම්බර් 15 වන දිනට පෙර, ශ්‍රේණි සහ විෂයන්ට අදාළ විකාශන කටයුතු සිදුවන නාලිකා සහ කාලසටහන පිළිබඳව පසුව දැනුවත් කරනු ඇති.
More Stories
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි