විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ උපදෙස් පරිදි හත් දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් ඊයේ පත් කෙරුණි.
කමිටු වාර්තාව සතියක් ඇතුළත ලබාදෙන ලෙස නියම කළ බව අප කළ විමසීමක දී අමාත්‍යවරයා සඳහන් කළේය.
මේ අතර දිවයින පුරා විදුලි සැපයුම බිඳවැටීම මේ වන විට යථා තත්ත්වයට පත්කර ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.
එහි මාධ්‍ය අධ්‍යක්ෂ සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ ඊයේ (17) රාත්‍රී 10.00 පමණ වන විට දිවයින පුරා විදුලි සැපයුම යථා තත්ත්වයට පත්කිරීමට හැකි වූ බවය.
විදුලිය සම්ප්‍රේෂණ පද්ධතිවල හටගත් දෝෂයක් හේතුවෙන් ඊයේ දහවල් 12.30 සිට දිවයින පුරා විදුලිය බිඳවැටීමක් සිදුව තිබුණි.
මේ හේතුවෙන් ජනතාවගේ දෛනික ක්‍රියාකාරක්මවලට දැඩි බාධා එල්ල වුණි.
විදුලිය බිඳවැටීම හේතුවෙන් ජල සැපයුම අඩාල වී තිබු අතර මහා මාර්ගවල අලෝක සංඥා ක්‍රියාත්මක නොවීමෙන් රථ වාහන තදබදයක් හටගෙන තිබුණි.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට