මෙරට ඉන්ධන මිල තීරණය කිරීමේ බලය විදේශීය පෞද්ගලික සමාගමකට පැවරීමේ උත්සහයක් ක්‍රියාත්මක බවට ඛනිජ තෙල් වෘත්තීය සමිති චෝදනා කරනවා.
එහි ජාතික සේවක සංගමයේ කැඳවුම්කරු ආනන්ද පාලින මහතා කියා සිටියේ මෙම තත්ත්වය මත ඉන්ධන මිල සූත්‍රයක් හඳුන්වා දෙනු ඇති බවයි.
ඉන්දීයන් ඔයිල් සමාගම මගින් විදුලිබල මණ්ඩලයට ඍජුවම ඉන්ධන මිලදී ගැනීම සම්බන්ධයෙන් පියවර ගනිමින් සිටින බව විදුලි බල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා ප්‍රකාශ කළා.
ඉදිරි සතිය සඳහා විදුලි බල මණ්ඩලයට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණයන් සම්බන්ධයෙන් හෙට දිනයේදී තීරණය කිරීමට නියමිතයි.
කෙටි කාලීන විසඳුමක් ලෙස පෞද්ගලික බලාගාර වලින් විදුලිය ලබාගැනීමටද අවධානය යොමුව තිබෙනවා.
කෙසේ වෙතත් මහජන උපයෝගීතා කොමිසම සඳහන් කළේ ඒ සඳහා තම කොමිසමෙන් නිසි අවසර ලබාගත යුතු බවයි.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට