අගෝස්තු 17 වන දින දිවයින පුරා විදුලිය විසන්ධි කිරීම පිළිබඳව සොයා බැලීමට පත් කරන ලද කමිටුව විසින් සම්පාදනය කරන ලද වාර්තාව විදුලිබල අමාත්‍ය ඩලස් අලහපෙරුම මහතා වෙත භාර දෙන ලදී.
අමාත්‍යාංශයේ අතිරේක ලේකම් හේමන්ත සමරකෝන් මහතාගේ සභාපතිත්වයෙන් යුත් 9 දෙනෙකුගෙන් සමන්විත කමිටුව මෙම වාර්තාව ඉදිරිපත් කර ඇත.
අදාළ වාර්තාව හෙට (25) දිනයේදී විෂයභාර අමාත්‍යවරයාගේ විශේෂ විමර්ශනයට ලක් කිරීමට නියමිත අතර අනිද්දා (26) පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමටද වාර්තාව ඉදිරිපත් කිරීමට නියමිතය.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ